mission

දැක්ම

දෑ හිතකාමී, මානව හිතවාදී, ශ්‍රේෂ්ඨ පුරවැසියන් බිහිකිරීමය

vision

මෙහෙවර

නිරතුරුවම බහු ආගමික පරිසරයක පෝෂණය ලබන සිසු දරු දැරියන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය ද, අනාගත දිවි පැවැත්ම සඳහා වූ කුසලතාවයන් ද ගොඩනගා ගනිමින් දැනුමෙන් මෙන්ම ආකල්ප වලින් ද රටට දැයට හිතකර විනයවත් පරපුරක් බිහිකිරීමේ සත්කාරය සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කිරීමට ඇප කැප

history

ඉතිහාසයෙන්

1911 වසරේදී පාසල කඩලාන රෝ.ක. නමින් ආරම්භ වූ අතර 1927 වසරේදී බාලිකා පාසලක් ද ඒකාබද්ධ විය.මෙම පාසල් දෙක 1972 වසරේදී කඩලාන සාන්ත අන්තෝනි කණිටු විදුහල නමින් ක්‍රියාත්මක විය.

පාසල ගැන කෙටියෙන්

1911 වසරේදී පාසල කඩලාන රෝ.ක. නමින් ආරම්භ වූ අතර 1927 වසරේදී බාලිකා පාසලක් ද ඒකාබද්ධ විය.මෙම පාසල් දෙක 1972 වසරේදී කඩලාන සාන්ත අන්තෝනි කණිටු විදුහල නමින් ක්‍රියාත්මක විය. එවකට දරුවන් 1000 කට අධික පිරිසක් එහි ඉගෙනුම ලැබූ අතර 1999.05.12/13 අභ්‍යන්තරික අරගලයක ප්‍රතිඵලයක් ලෙස පාසලේ ගුණාත්මක බව මෙන්ම ප්‍රමාණාත්මක බව පිරිහෙන්නට විය. ප්‍රදේශයේ අනෙකුත් පාසල් වලට අභියෝගයක් වූ සාන්ත අන්තෝනි විදුහලේ දරුවන් ගණන 2012.08.03 වන විට 123ක් බවට පත්වී පාසල වැසී යාමේ අවධානමකට පත් විය. වසර 20කට පසුව 1 ශ්‍රේණියට දරුවන් 40 දෙනෙකු 2014 වසරේදී ඇතුලත්වන්නට තරම් ප්‍රදේශවාසීන් වෙත විශ්වාසයක් ඇතිකරලීමට පාසල ගොඩනැගීමේ කාර්යයට මූලික වූ ගරු පියතුමන් ඇතුලු පිරිසට හැකි වුනි. අද පාසලේ දරුවන් ගණන 242කි.